මාර්තු 12 ව්‍යාපාරය නව ගමනක් අරඹයි


(විනිතා එම් ගමගේ , ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 
සුපිරිසිදු නව දේශපාලන සංස්කෘතියක්  ශ්‍රී ලංකාව තුළ බිහිකිරිමේ අරමුණින් පිහිටුවා  ගත් මාර්තු 12 සැමරුම් උත්සවයක්  කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි නිදහස් මන්දිරයේ දී අද (13) පැවැත්විණි.

‘නව පළාත් පාලන ඡන්ද විමසිම් ක්‍රමය සමඟ නව දේශපාලන සංස්කෘතියක්  ගොඩනගමු’ මෙවර මෙහි තේමාව කර  ගනිමින් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ, ලංකා  සභාවේ කොළඹ රදගුරු ඩිලොරාජ් කනගසබෙයිපියතුමෝ, පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි, ජේෂ්ඨ නීතිඥ එස්.ජි.පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රී  මයිල්වාහනම් තිලකරාජ් සහ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ කතානායක සචින්ත දුලාන්ජන යන මහත්වරු මෙහිදී  අදහස් දැක්වුහ.