මාලිගාවත්ත පාරවල් කුණුවලින් වැසෙයි


ඡායාරූප කුෂාන් පතිරාජ

කොළඹ මාලිගාවත්ත සහ මරදාන ප්‍රදේශවල කුණු කසල කොළඹ මහ නගර සභාවෙන් එක් රැස් නොකිරීම නිසා ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. පාරඅයිනේ ඇති කසල ගොඩවල්වලින් හමන දුඟඳ නිසා අවට නිවැසියන් මෙන්ම මාර්ගයේ යන එන පිරිස් ද පීඩා විඳිති. ඇතැම් මාර්ගවල ත්‍රීරෝද රියක් යාමටවත් නොහැකි අන්දමට පාරෙන් අඩකටත් වඩා කසළ ගොඩ ගැහී තිබේ. රවී කරුණානායක ඇමැතිවරයා පසුගියදා කියා තිබුණේ ත්‍රිවිධ හමුදාව යොදවා හෝ කොළඹ කුණු කසළ ඉවත් කළ යුතු බවයි.