මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම පහළ බසී


 

 

(රංජිත් රාජපක්ෂ)                       

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබීම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව අද (9) තවදුරටත් පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

මවුස්සාකැලේ ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි 9300 ක් වන අතර එම ජල ධාරිතාව මේ වන විට අක්කර අඩි 39.5 දක්වා (26.7%) පහළ බැස තිබේ.

කාසල්රි ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 19,100 බවත් එය මේ වන විට අක්කර අඩි 114 (26.6) දක්වා පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

එම ජලාශ දෙකේම ජල ධාරිතාව පහළ බැස ඇති නිසා ජලාශ ඉදි කිරිමේදි යට වූ දුපත් සහ නටබුන් රැසක් මේ වන විට එම ජලාශවල රොන් මඩු තට්ටුව තුළ මල් වර්ග ද පිපි තිබේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාව විමලසුරෙන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි  උත්පාදනයට ජලය නිකුත් කර ඉදිරියේදි තවදුරටත් වියළි කාලගුණ තත්ත්වය පැවතියහොත් එම ජලාශ දෙකේ ඉතිරිවන ජල ධාරිතාව පානීය ජලය සඳහා තැන්පත් කර ගත යුතු බවද විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.