මාවුස්සාකැලේ ජලාශය පතුලේ මල් පිපේ


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශය සිඳී යාමත් සමඟ එහි මධ්‍යයේ මේ දිනවල  වර්ණවත්  මල් විශේෂයක් පිපී තිබේ.

දම්, සුදු හා නිල් වර්ණයන්ගෙන් යුතු මෙම අලංකාර  මල් විශේෂය පොකුරු වශයෙන් පිපී ඇති අතර මල් පඳුරු අඩි 03 - 04 දක්වා උසින් යුතු වේ.

ජලාශයේ ජලය සිඳී යන සෑම කාලයකදීම මෙම අලංකාර  මල් පිපෙන බව ප්‍රදේශවාසීහු පවසති.