මාවුස්සාකැලේ ජලාශයේ අපද්‍රව්‍ය ඉවත් කරයි


 


(රංජිත් රාජපක්‍ෂ )
 
ජාතික විදුලි බල පද්ධතියට විදුලිය උත්පාදනය කිරිම සදහා ප‍්‍රධාන වශයෙන් ජලය සපයන මාවුස්සාකැලේ ජලාශයට ප‍්‍රදේශවාසින් හා අවට වතුකම්කරුවන් විසින් මුදාහැර ඇති ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය ජලාශයෙන් ඉවත් කිරිමේ කටයුත්තක් අද (18) සිදු කැරිණි.

මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක  මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම පරිසර වැඩසටහනට මාවුස්සාකැලේ ජලාශයේ ධීවර කටයුතු වල නියලෙන ධිවරයින් මාවුස්සාකැලේ ජලාශයේ ආරක්‍ෂක අංශ නිළධාරින් නාවික හමුදාව, සහ මස්කෙළිය පොලිසියේ නිලධාරිහු මෙම පරිසර වැඩ සටහනට එක්ව සිටියහ.

එම ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිය ඔය හරහා ජලාශයටතේ වතු හරහා ගලා බසින ඇළ මාර්ග ඔස්සේ ප‍්‍රදේශවාසින් හා වතුකම්කරුවන් විසින් ජලාශයට අපද්‍රව්‍ය මුදාහැරිම නිසා ජලාශය විශාල වශයෙන් පරිසර හානියක් සිදුවි ඇති අතර් ජලාශය ගොඩවීමේ අවධානමකටද ලක්වි තිබුණී.මෙම පරිසර ගැටළුව නිසා එම ජලාශයේ වෙසෙන මත්ස්‍යයන්ට මෙන්ම එම ජලාශයේ ධීවර කටයුතු වල නියලෙන ධිවරයන්ටද ගැටළු රැසක් මතුවි තිබුණී.

ජලාශයෙන් ඉවත් කරන ලද ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝණ අපද්‍රව්‍ය අඹගමුව ප‍්‍රාදේශිය සභාව මගින් නල්ලතත්නිය රිකාටන් ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කැළිකසල ප‍්‍රතිචක්ක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත යැවිමටද ඔවුහු ක්‍රියාත්මක වුහ.