මාස 6 කදී ශ්‍රීපාද අඩවියේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 ක් අතහරිති


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මෙවර ශ්‍රීපාද වන්දනාව පැවති මාස 6 ක කාලය තුළ නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සදහා පැමිණි ලක්ෂ සංඛ්‍යාත දේශිය වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හරින ලද දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් අඹගමුව ප්‍රාදේශිය සභාවේ කසළ බැහැර කිරීමේ අංශය මගින් රැස් කරඇති බව එම ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය කසළ එක් රැස් කරන මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී ඒ.ඩබ්. හේමන්ත මහතා පවසයි. 

නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුව දක්වා මෙම ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදා හැර තිබූ බව පවසන හේමන්ත මහතා, මීළඟ ශ්‍රීපාද වන්දනා සමයේදී හෝ ශ්‍රීපාද පුදබිමේ වටිනා පරිසරයට දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ඇතුලු ඝණ අපද්‍රව්‍ය මුදා හැරීමෙන් වැළකී  පරිසර හිතකාමී අයුරින් වන්දනාවේ යෙදෙන ලෙස සමස්ත දේශීය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටී.