මැරුණු අය සමරන්න මහවිරු සොහොන් සරසති


රොමේෂ් මධුසංඛ 

නොවැම්බර් 27 වනදාට යෙදෙන මහවිරු දින සැමරුම වෙනුවෙන් උතුරේ මහවිරු සොහොන් ආශ්රිතව   තරුණ තරුණියන් විවිධ සැරසිළි සිදුකරමින් මහවිරු දිනය සැමරීමට සූදානම් වන අයුරු දැකගැනීමට හැකි විය.
 
මේ අතර මුලතිව් විශ්වමඩු තෙරාවිල් මහවිරු සුසාන භූමියද හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුමට සැරසිලි සිදු කරන අතර තේරාවිල් පිවිසුම් දොරටුවේ නිර්මාණය කොට ඇති තොරණ විශේෂ විය. එයට හේතුව වී ඇත්තේ තොරණ යොදා ඇත්තේ ජාතික මහවිරු දිනය යනුවෙන් මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කරණ ලද ජාතික පුෂ්පය වූ නියගලා මලය යොදාගනිමිනි.
 
උතුරු පළාත් ප්රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන කේන්ද්රකර ගනිමින් පැවැත්වීමට නියමිත අතර ඊට අමතරව යාපනය, මුලතිව් හා මන්නාරම දිස්ත්රික්කයන්හි පිහිටි මහවිරු සොහොන් ආශ්රිතවද  සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නියමිතව ඇත.
 
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම වෙනුවෙන් කිසිවෙකුගෙන් අවසරය ලබා ගැනීම අවශ්ය නොවන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ශිවඥානම් ශ්රීධරන් මහතා මීට පෙර මාධ්යටද ප්රකාශ කොට ඇත.