මිනිස් පාදූවිල්ලෙන් නොකිළිටිව පිටවල පතන හැඩවෙයි


(ඉන්දික අරුණ කුමාර)

මසකට අධික කාලයක් පවතින ඇදිරි නිති තත්ත්වය හමුවේ දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නොපැමීණීම හේතුවෙන් නකලස් සංචාරක කළාපය විවිධ වෙනස්කම් රැසකල ලක් වී තිබේ.
 
නකලස් කලාපයේ සිදුකල සංචාරකය දී අනාවරණය වූයේ ස්වභාවික පරිසරය මේ වන විට සම්පූර් ණයෙන්ම වෙනස් වී ඇති බවයි.
 
මානව ක්‍රියාකාරකම් සිදු නොවීම හේතුවෙන් සිදුව ඇති වෙනස්කම් අතර නකලස් කළාපයට ආවේනික රැක්ෂලාතා රැසක ස්වභාවික මල් වලින හැඩවී තිබේ.
 
තොරතෝන්චික් නැතිව නිබදව ඇසෙන කුරැළු කූජනයන්ට අමතරව විවිධ වන සතුන් නිදහසේ සිය නාද රටාවන් පවත්වන අයුරැ මේ දිනවල නකල්ස් කලාපයේ දැකගත හැකිය.
 
කැළිිකසල පරිසරයට බැහැර නොවීම,ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය භාහිර පරිසරයට එක් නොවීම,ජල උල්පත් අපිරිසිදු නොවීම ආදී කරැණු රැසක් හේතුවෙන් නකලස් කළාපයේ ස්වභාවික වෙනස් වීම් සිදුව තිබේ.
 
මීට අමතරව ජනාකිර් ණ වල රිවස්ටන් මුදුන,පිටවල පතන මෙන්ම තෙල්ගමු ඔය සමීපයේ මිනිසුන් ලබාදෙන ආහාර වලින් ජිවත් වු සුනඛ රංචු මේ වන විට පිරිස් පැමිණෙන තෙක් හාමතේ රැදිසිටින අයුරුද දක්නට ලැබිණි.
 
දුම්බරට ආවේනික දුම්බර අං කටුස්සා මෙන්ම ආව්නික ගෙබි විශේෂ රැසක්, උරඝ විශේෂ මෙන්ම විවිධ වන සතුන් නකලස් සංචාරක කලාපයේ නිදහසේ ඔබ මොබ යමින් සැරිසරණ අයුරැ මේ දිනවල දැකිය හැකි දුලබ දසුන්වෙයි.
 
ස්වභාවික පරිසරයට එක්වන දූවිලි අංශු ඉවත්වීමත් සමග නකලස් කළාපයේ ඉහළ අහසද වඩාත් පැහැදිලිව දැකගත හැකි අතර මොරගහකන්ද හා කළුගග ජලාශ ද මේ දිනවල නකලස් කදුපංතියේ මුදුනට ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි.