මියදෙන්න ගිය වාහන 25කට යුද හමුදාව පණ දෙයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා යුද හමුදා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 25 ක් 4 වන ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව පසුගියදා කඳවුරුවලට බාරදුන්නේය.

යුද හමුදාවට නව රථවාහන මිලදීගැනිම සදහා අධික මුදලක් වැයකිරිමට සිදුවන බැවින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මෙම වාහන අලුත්වැඩියා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය.

බස් රථ 10 ක්, ට්‍රක් රථ 5 ක්,  යුනිකෝන් රථ 3 ක්,  යතුරුපැදි 5 ක්, ට්‍රැක්ටර්යක් සහ කැබ්රථයක් මෙහිදී අලුත්වැඩියාවෙන් පසුව කඳවුරුවලට භාරදුන්නේය.