මීනගයා දුම්රියට ඇතින්නියක් හැපී තුවාල


( ක.ග කරුණාරත්න )
 
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ "මීනගයා" නගරාන්තර රාත්‍රී දුම්රියට අද (22) අලුයම වැලිකන්දේ දී ඇතින්නක හැපී තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.


ඒ ඇතින්නට ප්‍රතිකාර ලබා දීමේ කටයුතු වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් විසින් මේ වන විට ආරම්භ කර ඇත.
ඇතින්නගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවද වනජීවී නිලධාරීන් පවසයි.