මුන්දලම සිරිමාපුර ගම්මානයම ජලයෙන් යටවෙයි



    
හිරාන් ප්‍රියංකර ජයසිංහ 


මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 970 ක පුද්ගලයින් 1935 ක් පමණ පදිංචිව සිටි  නිවාස අද (25) අලුයම වන විට ජලයෙන් යටවු බව මුන්දලම ප්‍රාදේශීය ලේකම් ඒ.එම්.සි.එම්.  ප්‍රේමසිරි මහතා පවසයි. 


ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට ග්‍රාම නිළධාරි වසම් 18 ක් ජල ගැලිම් වලට ලක්ව ඇති බවයි. ඒ අනුව කොත්තන්තිව් ග්‍රාම නිළධාරි වසමේ පවුල් 270,ක් ද මංගල එළිය පවුල් 240, පුලිච්චාකුලම 245, සහ පුබුදුගම පවුල් 165 ක් ලෙස පීඩාවට පත්වු ජනතාව මේ වන විට අවතැන් කඳවුරුවල ආරක්ෂිතව රඳවා ඇති බව ද පවසයි.