මුන්නේශ්වරම් දේවාලයේ ගිනි පෑගීමේ උත්සවය


 

(ඔගස්ටින් ප්‍රනාන්දු)            

 

හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පූජා මහෝත්සවයේ ගිනි පෑගීමේ මංගල්‍ය සෞඛ්‍ය නීති රීති වලට යටත්ව අද (27) පස්වරුවේ පැවැත්විණි.

වෙනත් වර්ෂවල දී දහසකට ආසන්න බැතිමතුන් පිරිසක් මෙහිදි ගිනි පාගන නමුත්  කොරෝනා වයිරසය සමඟ ඇති අවදානම හේතුවෙන් මෙවර ගිනි පෑගිමට එක්වුයේ දේවාලයේ ප්‍රධන කපු මහතා පමණි.

වෙනත් කිසිඳු අයෙකුට මෙවර ගිනි පෑගීම සඳහා එක්වීමට අවස්ථාව සලසා දී නොතිබුණි.

මෙවර මෙම අවස්ථාව නැරඹීමට පැමිණි බැතිමතුන් සංඛ්‍යාවේද විශාල  අඩුවක් දැක ගත හැකි විය.

මේ මස 31 වන දින දහවල් ප්‍රධාන රථ පෙරහැර සිදු කරණු ලබන අතර සැප්තැම්බර් මස 1 වැනි දින දහවල් 12 ට හලාවත දැදුරු ඔයේ දී දිය කැපීමේ චාරිත්‍රය සෞඛ්‍ය  නීති රීතිවලට යටත්ව පවත්වන බව දේවාලයේ ප්‍රධාන පුජක බ්‍රහ්මසාරි ශ්‍රී පත්මනාභ කුරක්කල්වරයා කීය .