මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හිදුන්කෝවිලේ වාර්ෂික දේව මෙහෙය ඇරැඹේ


( රොමේෂ් මධුෂංඛ)

පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මෙහෙය මෙවරද පැවත්වීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.
 
මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ දේව මෙහෙය වෙනුවෙන් සිදු කෙරෙන පළමු දේව මෙහෙය ඊයේ (01) දිනයේදී ආරම්භ වූ අතර අවසන් දේව මෙහෙය එලඹෙන 08 වනදා පැවත්වෙයි.
 
ඒ අනුව 01 වනදා සිට 08 වනදා දක්වා පැවත්වෙන දේව මෙහයන් වෙනුවෙන් පළමු දෙව මෙහය වන මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ චාරිත්‍රය ඊයේ (01) දින සවස් කාලයේදී සිදුවූ අතර මුලතිව් සිලාවත්ත මුහුදු තීරයේදී මෙම දේව මෙහෙය සිදු විණි,
 
සිලාවත්ත මුහුදු තීරයේ විශේෂ ස්ථානයකින් ලබාගන්නා මුහුදු ජලය භාවිත කරමින් වට්ට්‍රාපලෙයි කොවිලේ ප්‍රධාන දේව ප්‍රතිමාව ඉදිරිපිට පිහිටි පහන් දැල්වීම සිදු කරන අතර මෙ පහන දින හතක් පුරාවට මුහුදු ජලයෙන් දැල්වීම විශේෂ වෙයි.

කොරෝනා අවදානම හේතුවෙන් මෙවර වට්ට්‍රාපලෙයි කෝවිලේ දේව මෙහෙයන් වෙනුවෙන් පසුගය වසර වලදී මෙන් විශාල බැතිමතුන් පිරිසක් සහභාගි කරනොගන්නා ලෙසට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය බලධාරීන් විසින්කෝවිල් භාරකාර මණ්ඩලයට දැනුම් දී ඇති අතරම දේව මෙහෙයන් පැවත්වෙන අතරද මුලතිව් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයන් පරිදි සිදු කිරීමට පියවර ගෙන ඇත.
 
මේ අනුව එලඹෙන 08 වනදා දක්වා මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ සියලු දේව මෙහෙයන් ඉතා ආරක්ෂිතව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සිදු කිරීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් සූදානම් වෙයි.