මුලතිව් කැලේ සතුන්ට හමුදාව දිය දන්දෙයි


 

 


 

 


 
(රොමේෂ් මධුෂංඛ)

මේ දිනවල මුලතිව් දිස්ත්‍රීක්කයට පවතින අධික පෑවිල්ල හේතුවෙන් පවතින ජල හිඟයෙන් වන සතුන් මුහුණ පා ඇති ජල හිඟයට විසඳුමක් වශයෙන් රක්ෂිත කැලෑවලට ජලය සැපයීමේ වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් ආරම්භ කර තිබේ.

මූලතිව් දිස්ත්‍රික්කයේ ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තියන්කට්ටුකුලම් රක්‍ෂිතය හරහා දිවෙන මුත්තියන්කට්ටුකුලම් සිට උදයාර්කට්ටුකුලම් දක්වා මාර්ගයේ විශේෂිත ස්ථානයන් හි ජල රැඳවුම් ස්ථාන සකස්කර සතුන්ට සහ කුරුල්ලන්ට පානය සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත.

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ 64 වැනි සේනාංකයේ භට පිරිස් විසින් රක්ෂිතය තුළ ජල රැඳවුම් ස්ථාන හඳුනාගෙන යුද්ධ හමුදා ජල බවුසර් යොදා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම ජල සැපයීම මගින් වන සතුන්ගේ ජල පිපාසය සංසිදෙන අතරම යුද හමුදා බවුසර් යොදා ගනිමින් පීඩාවට පත් ප්‍රදේශවලට වැසි සමය ආරම්භ වන තෙක්ම ජලය සැපයීමටද යුද හමුදාව පියවර ගෙන තිබේ.