මුලතිව්හි යුදහමුදාව තවත් යුද්දයකට අතගහයි



                        
(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් - කේපාපිලව් හා සීනියාමෝට්ටේ ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත්වී එම ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමෙන් පසුව නැවත් පදිංචියට පැමිණි ප්‍රදේශයේ වැසියන්ගේ ළිං සුද්ධ පවිත්‍ර කොට විෂබීජ නාශක යෙදීමේ කටයුතු මේ දිනවල යුද හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙයි. 
 
යුද හමුදාව ඉවත් වී කේපාපිලව් ගම්මානයේ වැසියන්ට විශාල සහයක් ලබා දුන් නමුත් රජයේ නිලධාරීන් මෙම ගම්මනවල පොදු කටයුතු ඉටුකොට දීමට තවමත් උනන්දුවක් නොමැති බව ගම්වාසීන් විසින් යුද හමුදාවට දැනුම් දීමෙන් පසු මුලතිව් ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ මග පෙන්වීම යටතේ මෙම කටයුතු ආරම්භ කොට තිබේ.
 
මෙහිදී එම භූමිය පුරා ඇති ළිං 24 න් ළිං 12 ක් මුල් අදියරය යටතේ ප්‍රතිසංස්කරණය කොට පිරිසිදු කිරීම සිදුකොට ඇති අතර යුද හමුදාව මෙම ගම්මනවල සිටි කාලයේදී එම ළිං භාවිත කොට නොමැත.
 
ඉඩම් අක්කර 132 ක් නිදහස් කොට මුලතිව් දිසාපතිවරිය වෙත බාර දෙන ලද්දේ පසුගිය දෙසැම්බර් 28 වැනි දාය.