මුල්කිරිගල රජමහා විහාරයේ ශෛලමය බුදු පිළිමය තැන්පත් කෙරෙයි


(අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ)

ඓතිහාසික මුල්කිරිගල රාජමහා විහාරයේ  ගල මුදුනේ බිම් මට්ටමේ සිට අඩි 800ක් පමණ ඉහළින් ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේනමක ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගල මුදුනේ තැන්පත් කිරීම අද(19) පෙරවරුවේ සිදුකෙරිණි.

කිලෝග්‍රෑම් 3200ක් පමණ බරැති මෙම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ උසින් අඩි හතහමාරක් පමණ වෙයි. ඓතිහාසික මුල්කිරිගල රාජමහා විහාරයේ බිම් මට්ටමේ සිට උසින් අඩි 800ක් පමණ ගල මුදුනේ මෙම මෙම ප්‍රතිමාව තැන්පත් කිරීම මෙලෙස සිදුකෙරිණි.

වීරකැටිය මණ්ණාඩුව ක්‍රිඩාංගනයේ සිට මෙම බුද්ධ ප්‍රතිමාව අද පෙරවරුවේදී ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකින් ගෙනැවිත් තැන්පත් කෙරිණි.

මුල්කිරිගල රාජමහා විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල හිමියන්ගේ මූලිකත්වයෙන් මෙය සිදුකර තිබූ අතර බුද්ධ ප්‍රතිමා වහන්සේ සාදා තැන්පත් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරින්, ගුවන් හමුදා නිලධාරින් සහ යුධ හමුදා නිලධාරින් සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරින්ගේ සහයෝගයෙන් සිදුකෙරිණි.

මෙය ඇසළ පොහෝ දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.