මූණමල්ගස්වැව පාසල් දරුවෝ විදුහලේ කුඹුර වපුරති


(ජයරත්න වික්‍රමාරච්චි)
 
‘තිරසාර කෘෂි සංවර්ධන’ ජාතික වැඩසටහනට සමගාමීව පුත්තලම උතුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් මූණමල්ගස්වැව කනිෂ්ඨ විද්‍යාලය සංවිධානය කරන ලද ආදර්ශවත් කෘෂිකාර්මික වැඩසටහනක් අද (17) විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි.
මේ යටතේ විද්‍යාලයේ 5සිට 11 ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අක්කර බාගයක් පමණ වන කුඹුරෙහි වී වැපිරීම සිදු කළහ.
කුඹුරට අවශ්‍ය ජලය සැපයීම විද්‍යාලයීය පරිශ්‍රයේ පිහිටි පොකුණකින් ලබාගැනීම සිදු කෙරේ.