මෙතෙර විරෝධයට එතෙර ලාංකිකයන්ගෙනුත් සහාය - වීඩියෝ


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ලොව පුරා රටවල් රැසක ද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, කැන්බරා නගරවල, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදී ආදී වශයෙන් අද(3)  දිනයේදී විරෝධතා ගණනාවක් සංවිධාන කර තිබිණි.

දකුණු කොරියාව, අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුලු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන්ද විරෝධතා සංවිධාන කර ඇති බව වාර්තා වේ.

මෙම විරෝධතා සඳහා අති විශාල පිරිස් සහභාගී වී සිටි බව ද වාර්තා වේ.