මේජර් ජනරාල් විජය විමලරත්න 25 වැනි ගුණසමරුවෙන්


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

මේජර් ජනරාල් විජය විමලරත්න මහතාගේ 25වන ගුණසමරුව ගජබා රෙජිමේන්තු ආඥාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා මේජර් ජෙනරාල්  විජය විමලරත්න මහතාගේ පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් කිරිබත්ගොඩ මංසන්දියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදි අද (08) පැවැත්විණි.