මොරගහකන්ද-කළු ගඟ ජලාශය පිරවීම ඇරැඹේ


(කාංචන කුමාර ආරියදාස )


 මොරගහකන්ද-කළු ගඟ ජලාශයේ මංගල දියවර මුදාහැරීමේ අවස්ථාවට සමගාමීව මොරගහකන්ද ජලාශය කුලසිංහ  මොරගහකන්ද  ජලාශය නමින් නම් කිරීම ජනාධිපති මමෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද(23) සිදු කෙරිණි.


එමෙන්ම ජලාශය ඉදිරිපිට අඩි 27 ක් උස  අව්කන බුදු පිළිමයට සමාන වූ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹි සුබ මොහොතින් සිදු විය.


මොරගහකන්ද කුලසිංහ ජලාශය  ජනාධිපතිවරයාගේ නීරික්ෂණයෙන් පසු  ආරාධිත අමුත්තන්ගේද සහභාගීත්වයෙන් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරිණි. 


මෙරටට  අනන්‍ය වු නව තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම නිර්මාණය කළ ආචාර්යඒ.එන්.එස් කුලසිංහ ඉංජිනේරුවා  සිහි වීම වෙනුවෙන් කුලසිංහ ජලාශය ලෙස මෙය නම් කෙරිණි.