මොරගහකන්ද ජලමට්ටම අක්කර අඩි 115,000 ඉක්මවයි


(ඉන්දික අරුණ කුමාර)

පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අභිබවා යමින් මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජලමට්ටම ඉහළගොස් ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි.

අක්කරඅඩි 110 000ක් වන පරාක‍්‍රම සමුද්‍රයේ ජලමට්ටම අභිබවා යමින් අක්කරඅඩි 115 000 තරම් ජල ප‍්‍රමාණයක් මේ වන විට මොරගහකන්ද ජලාශයට ලැබී ඇතැයි ව්‍යාපෘති මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා කියයි.

ව්‍යාපෘතියෙන් අවතැන්වන ජනතාවගේ යටිතල පහසුකම් මේ වන විට සපුරා ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

පාසැල්, ප‍්‍රදේශිය ලේකම් කාර්යාල, රෝහල් මෙන්ම මාර්ග පද්ධති ද පහසුකම් යටතේ ජනතාවට ලබාදි ඇති බව ද ඒ මහතා පවසයි.මිලියන 6000 ක් වු දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් මේ වන විට වන්දි ලෙස ජනතාවට ලබා දි ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.