මොරගහකන්ද ජලය ශ්‍රී මහ බෝධියට පුදයි



 
(දයාරත්න ඇඹෝගම)

මොරගහකන්ද ජලාශයෙන් නිකුත් කළ මංගල දියවර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වෙත පුජා කිරිම ඊයේ (22)  අති විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශය විවෘත කිරිම සිදු වු අවස්ථාවේ  ඉන් ලබා ගත් ජලය මෙසේ අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේට පුජා  කිරිම සිදුවිය.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කැරිණි.