මොරගහකන්ද ජලාශය සියයට 97 ක් පිරිලා


(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවෙන් 97.6% ක ප්‍රමාණයක් මේ වන විට ජලාශය පිරී පවතින බව ජලාශ භාර  ඉංජිනේරු පී .එස් බණ්ඩාර මහතා පැවසීය.
 

අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට මේ දිනවල විශාල ජල ප්‍රමාණයක් ලැබෙමින් පවති.මොරගහකන්ද ජලාශයේ  දර්ශනය   හා අවට  ස්වාභාවික පරිසරය  විනාඩි කිහිපයෙන්  කිහිපයට වෙනස්වීම මේ දිනවල දැක ගැනීමට හැකිව පවතී .

 
තවදුරටත් වර්ෂාව පැවතියහොත් බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කරන බවත් එම ජලය අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට ලැබී මොරගහකන්ද  වාන් දොරටු  ස්වයංක්‍රීයව විවෘත වීම සිදුවන බවද  ඉංජිනේරුවරයා සඳහන් කළේය. ඇතැම්විට ස්වංක්‍රීයව වාන් දොරටු විවෘත වීමට පෙර විදුලි උත්පාදන සොරොව්වෙන් ජලය ඉවත් කිරීමට හැකියාව පවතින බවද කාර්යභාරය ඉංජිනේරු පී .එස් .බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.