මොරගහකන්දෙන් ගොවීන්ට වතුර


(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද ජලාශයෙන් ජලය අක්කර අඩි 45000ක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද (16)වන විට මුදා හැර ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි.

මෙම ජලය අඹන්ගඟ ඔස්සේ ඇලහැර, මින්නේරිය, කව්ඩුල්ල සහ කන්තලේ ගොවි ජනපදවල ගොවීන්ගේ යලකන්නයේ වගාකටයුතු සඳහා මුදාහළ බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද මහතා පවසයි.