(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අද (12) පැවසූහ.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රමුඛ නියෝජිතයන් මහනුවර මල්වතු මහා විහාරයට ගොස් මහ නා හිමියන් බැහැ දුටු අවස්ථාවේදී මහා නාහිමියෝ මේ බව කීහ.

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මහා නා හිමියන් හමුවේ අදහස් දක්වමින් " මේ අය කතරගම දේවාලයට බෝම්බ ගැහුවා යනුවෙන් පැවසීය.

මල්වතු මහා නා හිමි:-

මේ අය බෝම්බ ගැහුවා කියලා කොහොමද කියන්නේ.

මද්දුම  බණ්ඩාර මහතා:-

එහෙම කියනවනේ හාමුදුරුවනේ.

මල්වතු මහා නා හිමි:-

නෑ නෑ කවුරුවත් කිව්වට අපි දන්නවනේ.තුවක්කු උදුර ගත්තා.මුලට හිටපු පොලිසියේ  තුවක් උදුර ගත්තා.එල්.ටී.ටී ඊ කාරයෝ වගේ බෝම්බ ගැහුවේ නෑ.ඔය නිරංජන්නේ කියන්නේ  යනුවෙන් ද මහා නාහිමියෝ කීහ.