යාපන කළපුවේ සරුංගල් සැණකෙළියක්


(රොමේෂ් මධුෂංඛ)


යාපනය,අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් මේ දිනයන්හි කළපුව ආශ්‍රිතව සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබේ.


යාපනය අරියාලෙයි කළපු සීමාවේ සංවිධානය කර ඇති මෙම සරුංගල් සැණකෙළිය දැක බලා ගැනීමට යාපනයේ වැසියෝ  මෙන්ම විදේශීය සංචාරකයෝද පැමිණ සිටිති. 

මෙම සරුංගල් සැණකෙළිය සඳහා සහභාගී වූ තරුණයින්ද ජාත්‍යන්තර මට්ටමේ සරුංගල් සැණකෙළියක් පැවැත්වීම කෙරෙහිද අවධානය යොමු වී ඇති අතර එය සෑම වර්ෂයකම සිදු කිරීමටද පියවර ගෙන ඇත.