යාපනයේ පවුල් 33000 කට නියඟයෙන් පීඩා


(රොමේෂ් මධුෂංඛ)

යාපනය දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් පවුල් 33,000 කට අයත් පුද්ගලයින් 121,000 ක් දෙනාට පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින බවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියේය.

යාපනය දිස්ත්‍රීක්කයට බලපා ඇති උණුසුම් කාලගුණික තත්වය පිළිබඳ විමසීමේදී යාපනය දිසාපති වරයා මේ බව සඳහන් කළේය.
යාපනය කයිට්ස්, මරදන්කේනි, කරෙයි නගර්, සංදිලිපායි, සංගත්තානෙයි, වේලනයි යන ප්‍රදේශයන් වෙතට නියං තත්වය දැඩිව බලපා ඇති බවටත් මේ වන විට ආපදා කලමනා කරන අමාත්‍යංශය මගින් එම වැසියන්ට අවශ්‍ය පහසුකම් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා ලබා දීමට කටයුතු යොදා ඇති බවටයි.

මේ අතර යාපනය ප්‍රංකුඩතිව් හා මණඩතිව් යන ප්‍රදේශය්හි ජනතාවට පානීය ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව සිටින අතර ඔවුන්ට දිනකට අවශ්‍ය පානීය ජලය නොමැතිව මාර්ග අසල දිනය පුරා රැඳී සිටිමට සිදුව ඇති බවටද ප්‍රදේශයේ පිහිටි සියලුම ජලය පිහිටි ස්ථාන සිඳී ගොස් ඇති බවටද එම වැසියන් කියා සිටිති.