යුද හමුදා සංවත්සරයට ශ්‍රී මහා බෝධියේ පිංකමක්


(දයාරත්න ඇඹෝගම)

ශ්‍රි ලංකා යුද හමුදාවේ 68 වැනි සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2) පෙරවරුවේදි අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදි සිදු කෙරිණි.

යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස හිමියන් බැහැ දැක අටපිරිකර පුජා කිරිමෙන් පසු ශබ්ද පුජා සහිතව පෙරහ‍රින් ගොස් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඤ්ඣායනා මැද ආශිර්වාද පිංකම පැවැත්විණි.