යුද හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි


නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (3) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.

එහිදී හමුදාපතිවරයා අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිරිනැමූ අතර අමාත්‍යවරයා ද සමරු සිහිවටනයක් පිරිනමා සුහද සාකච්ඡාවක නිරතවිය.

(ඡායාරූප  - ඩික්සන් වසන්ත)