යුද හමුදාවට වසර 68 සැපිරිම නිමිත්තෙන් පින්කම්



කේ.ඩී. දේවප්‍රිය සහ එම්.එන් පියරත්න   
ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 68 සපිරීම නිමිත්තෙන් කතරගම පුද බිමේදී විශේෂ ආගමික වතාවත් රැසක් යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අද දින පැවැත්විණි. යුද හමුදා ධජවෙත සෙත් පැතීම හා කිරිවෙහෙර සෑ රදුන්ට කප්රුක් පූජාවක් ද මෙම පින්කම් මාලාවට ඇතුළත් වේ. කිරිවෙහෙරේ සහ කතරගම දේවාලයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් රුපියල් ලක්ෂ 10ක  මුදලක්ද මෙහිදි යුද හමුදාපතිවරයා විසින් පරීත්‍යා කෙරේණි.