යුද හමුදාවේ කාබනික වී වගාව සරු වී


(ඉන්දිකා රාමනායක සහ සිතුම් චතුරංග)

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59 වැනි සොනංකය සහ කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරුවල අස්වැන්න නෙළීම මේ දිනවල සිදු කරයි.

 58 වන සේනාකයේ සෙබළුන් සාම්ප්‍රදායික ක්‍රම යොදා ගනිමින් වගා අක්ක 12ක අස්සනු නෙළීම හා කොළමැසීමේ කටයුතු සිදු කළේය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ඩබ්ලිව්.ඒ.එස්.එස්.වනසිංහ මහතාගේ මූලිකත්වයෙන් අස්වනු නෙළීම ආරම්භ කළේය.

දෑකැති භාවිතා කර අස්වනු නෙළීම කටයුතු  සිදු කළ අතර ගොයම් පෑගීම අම්බරුවන්  යොදා ගැනීම විශේෂ සිද්ධියක් විය.

කන්දකඩු යුද හමුදා ගොවිපළේ අක්කර 180ක වී අස්වනු නෙළීම ද පසුගියදා සිදු කෙරිණි.  3 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බළකායේ අණ දෙන නිලධාරී ලුතිතන් ජනරාල්  ඩී.එල්.සී.එන්. මුතුතන්ත්‍රිගේ මහතාගේ උපදෙස් මත එම බළකායේ සෙබළු අස්වනු නෙළීම සිදු කළහ.

(ඡායාරූප: සිතුම් චතුරංග)


කන්දකඩු යුද හමුදා ගොවිපළේ අස්වනු නෙළීම