යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් මුලතිව් හි හර්තාලය


(රොමේෂ් මධුෂංඛ)

අවසන් යුද්දයෙන් මියගිය වැසියන් සිහි කරමින් අද (18) දිනය පුරා මුලතිව් නගර මධ්‍යයේ පිහිටි සියලුම වෙළඳසැල් වසා දමමින් හර්තාලයක් ක්‍රියාත්මක කොට තිබුණි.

මුලතිව් හා පුදුකුඩිඉරිප්පු වෙළඳ සංගමය විසින් සංවිධානය කොට තිබූ මෙම හර්තාලය හේතුවෙන් දෛනික කටයුතු අඩාල වී තිබූ අතර වෙළඳසැල් වසා තිබුණද රජයේ කාර්යාල හා බැංකු සියල්ලක්ම විවෘතව පැවතිණි.

කෙසේ වෙතත් හර්තාලය සංවිධානය කොට තිබූ වෙළඳ සංගම් කියා සිටයේ යුද්දයෙන් මියගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඔවුන්ට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ වෙළඳසැල් අද දිනය පුරා වැසීමට පියවර ගත් බවටයි.