යුද්දෙන් පසු නැවත පදිංචිකරුවන්ට යුද හමුදාවෙන් ලේ දන්දීමක්


(රොමේෂ් මධුෂංඛ)

යුද්දෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාව වෙනුවෙන් මුලතිව් රෝහලේ පැවති ලේ අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩී.පී.ප්‍රනාන්දු මහතාගේ පූර්ණ උපදෙස් හා අධීක්ෂණයන් පරිදි 59, 64 , 68 යන සේනාංකයන්හි සෙබලුන්ගේ දායකත්වයෙන් මුලතිව් මහරෝහල් ලේ බැංකු මධ්‍යස්ථානයේදී කැරිණි.

මුලතිව් මහරෝහල් ලේ බැංකුවේ රජිත විජේවර්ධන වෛද්‍ය තුමන්ගේ ඉල්ලීම පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් මෙම ලේ දන් දීමේ වැඩසටහන මෙහෙයවා ඇත.