යුරෝපා සංචාරකයන් රැගෙන දැවැන්තයෙක් ත්‍රිකුණාමලයට


(අමදෝරු අමරජිව)

යුරෝපා රටවල  සංචාරකයන් 516ක් රැගෙන MV Silver Spirit නැමැති මගි නෞකාව ශ්‍රිලංකාවේ සංචාරයක්  සදහා  ත්‍රිකුණාමල අශ්රොප් ජැටියට අද (26) සේන්දු  වුහ.

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමල නේවාසික කළමණාකාර සමන් පෙරේරා මහතා පැවසුවේ ත්‍රිකුණාමල වරායට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් රැගෙන පැමිණි විශාලතම මගී නෞකාව මෙය බවයි.

පැමිණි සංචාරකයන් ත්‍රිකුණාමල, සීගිරිය, දඹුල්ල, අනුරාධපුර හා පොළොන්නරුවේ එක්දින සංචාරයෙන් පසු  තායිලන්තය බලා පිටත්විමට නියමිත බව නේවාසික කළමනාකාරවරයා කීය.

ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මේ තුලින් විශාල බලපෑමක් කල හැකි බව කී කලමනාකාරවරයා මෙම නැව ත්‍රිකුණාමලවරයාට සේන්දු වි නැවත පිටවි යැම දක්වා සිදුකල මෙහෙයුම් කටයුතු වලින් වරායට රුපියල් ලක්ෂ 21ක ආදායමක්  ලැබුණු බව කීහ.