යොවුන් ඔලිම්පික් පදක්කම් දිනූ දියණිය පාරමී සියරට එයි


ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරදී පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්කම දිනාගත් පාරමී වසන්ති මාරිස්ටෙලා අද පෙරවරුවේදී කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියාය.

ඇය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගත් එකම කාන්තාව වන සුසන්තිකා ජයසිංහ මහත්මියද ගුවන් තොටුපොළට ගොස් සිටියාය.


මීටර 2000 බාධක දිවීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් පාරමී වසන්ති යොවුන් ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකාව  වෙනුවෙන් පදක්කමක් දිනාගත් එකම ක්‍රීඩිකාවද වන්නීය.


ඡායාරූප : ප්‍රසාද් මුතුකුඩ