යෝධ නිදිකුම්බා මධ්‍යම පළාත ගිලගැනීමට සැරසෙයි


( ඉන්දික අරුණ කුමාර)
මධ්‍යම පළාතේ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ‘‘මී මොසා පිග්රා ’’ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන යෝධ නිදිකුඹ්බා ශාකය පරිසර පද්ධතියට දැඩි බාධාවක් එල්ල කරන බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ස්වභාවික ජල උල්පත්, කඩොලාන පද්ධති මෙන්ම ජාලාශ දක්වා ව්‍යාප්තව ඇති යෝධ නිදිකුම්බා ශාකය මේ වන විට මධ්‍යම පළාත ගිලගනිමින් පවතින බව මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුව කියයි. 

මේ වන විටත් මාතලේ බෝවතැන්න ජලාශය , නාලන්දා ජලාශය ආදී ප‍්‍රදේශවල අක්කර 6000 ක් පමණ යෝධ නිදිකුම්බා ශාකයේ ගොදුරු බවට පත්ව ඇතැයි පරිසරවේදී ප‍්‍රදීප් සමරවික‍්‍රම මහතා කියයි. මේ වන විට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මොරගහකන්ද ජලාශය ආශ‍්‍රීතව ද මෙම ශාකය ව්‍යාප්තිය දක්නට ලැබෙන බවද හෙතෙම පවසයි.