රක්ෂිත කැළෑ ගිනි තැබීමෙන් වනසත්තු මියයති


ප්‍රියානි මංගලිකා
 

මේ දිනවල බහුලව පවතින රක්ෂිත කැලෑ ගිනි ගැනීම් හේතුවෙන්  වනසතුන්  හා කුරුලු විශේෂ ගින්නට හසුවී විනාශ වන බව වනජීවි අංශ පෙන්වා දෙයි.


පවතින  දේශගුණික  තත්වයන් මත වියළි කාලගුණය, සුළං තත්වය හේතුවෙන් ගිනි ගැනීම් සීඝ්‍රයෙන් පැතිර යන බවත් ගිනි නිවා දැමීම ද පහසු නොවීම නිසා එම වනාන්තරවල වෙසෙන වන සතුන් විනාශ වීමේ තර්ජනයකට මුහුණ දී ඇති බවද එම අංශ පෙන්වා දෙයි.


විශේෂයෙන් හාවුන්, මීමින්නන්, වැනි කුඩා වන සතුන් හා කුරුලු විශේෂ ද , ජනපද ලෙස වෙසෙන වඩු කුරුල්ලන් ඇතුළු වෙනත් පරිසර හිතකාමී සත්ව විශේෂ ද ගින්නට කොටු වීමෙන් මෙම අවාසනාවන්ත  තත්වයට මුහුණ දී තිබේ.


ඇතැම් පිරිස්  හිතාමතාම මෙම ගිනිතැබීම් සිදු කරන බවද මෙමගින් රක්ෂිත ආසන්නයේ වෙසෙන ජනයාට හා දේපල වලට , පරිසරයට , පවතින තත්වය විශාල අවදානමක් බවද  ඔවුහු කියති.