රජයේ වානිජ නීතිගත සංස්ථාවේ 47 වැනි සංවත්සරය සැමරේ


චතුර එස් කොඩිකාර 
 
1971 වර්ෂයේ  එවකට  වෙළද අමාත්‍ය  ටි.බි . ඉලංගරත්න  මහතාගේ  සංකල්පයක්  මත  බිහවූ  ශ්‍රී ලංකා  රජයේ  වානිජ  නීතිගත  සංස්ථාවේ  (STC) 47 වැනි  සංවත්සර  උත්සවය  හා  එහි   සේවක   සේවිකාවන්  ඇගයීමේ  සම්මාන   පිරිනැමීම  නරහේන්පිට  ආර්ථික   මධ්‍යස්ථාන  භූමියේ  දී අද (05) සිදුකෙරිණි .
 
කර්මාන්ත  හා  වානිජ  කටයුතු අමාත්‍යාංශයේ  ලේකම්  රංජිත්  අශෝක , එහි අතිරේක  ලේකම්   සීතා සේනාරත්න ,  ශ්‍රී ලංකා රජයේ  වානිජ නීතිගත සංස්ථාවේ  සභාපති  ආචාර්ය ඒ.ජේ.එම් . ජමීල්  යන  මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්  උත්සවය පැවැත්විණි.