රට නොවැහුවත් කොළඹ පාලුවට යයි


(ශාන්ත රත්නායක )

කොරෝනා වසංගත  දැඩි භයානක ලෙස පැතිරී යන  තත්වයත් සමඟ රට වසා දැමිය යුතු බවට වෛද්‍යවරු ඇතුළු බොහෝ දෙනකු රජයට බල කරමින් සිටින මේ මොහොතේදී සියල්ලටම පෙර තමා ආරක්ෂා විය යුතු බවට ජනතාව තීරණය කිරීමෙන් සාමාන්‍යයෙන් කර්ය බහුල කොළඹ පොදු ස්ථාන බොහොමයක් අද  (13) රථවහන හා මහජනතාවගෙන් තොර ප්‍රදේශ බවට පත්ව තිබුණි.

කොළඹ කොටුව, බොරැල්ල සහ රාජගිරිය ඇතුළු ප්‍රදේශවලට පැමිණිමෙන් වැළකීමට ජනතාව ස්වයං වාරණයක් පනවා ගෙන ඇති  ආකාරයක් දක්නට ලැබිණි.