රට හදන දැක්ම V2025 එළිදක්වයි


මීට වසර දෙක හමාරකට පෙර ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ගොඩනගන ලද සම්මුතිවාදී ආණ්ඩුවේ පොහොසත් රටක් හදන දැක්ම V2025 එළිදැක්වීම අද (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
 
ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  එහි ප්‍රධාන ආරාධිතයෝ වූහ.
 
යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයින් වෙත V2025 පිළිගැන්වීම  ජනාධිපතිවරයා  අතින් සිදු විය.   යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිතුරු ලබා දුන්හ.
 
මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)