රටට සෙත් පතා මහ සඟරුවන 1000ක් ජය පිරිත් දෙසති


(සුජිත් හේවාජුලිගේ)

රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන ජය පිරිත් පිරිත් සජ්ජායනය  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ  බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ.

මෙම ජය පිරිත් සජ්ජායනය ට මහනායක අනුනායක හිමිවරුන් ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩමකළ භික්ෂූන් වහන්සේලා දහසක් සහභාගි වූහ.

මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආබාධිත සහිත රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාව ට ආශිර්වාද කිරීම මෙම පිරිත් සජ්ජායනයේ  තවත් අරමුණක් බව ජනාධිපති කාර්යාලය පවසයි.

ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් විසින් සධාතුක කරඬුව සහ පිරුවානා පොත් වහන්සේ වඩම්මනු ලැබූහ.

ජනාධිපතිවරයා සධාතුක කරඬුව පිරිත් මණ්ඩපයෙහි තැන්පත් කර ගිලන් පස සහ අධිෂ්ඨාන පූජාව ඉටු කිරීමෙන් පසු  මහා සංඝරත්නයට පිරිත  සඳහා ආරාධනා කළේය.