රටට සෙත්පතා රන්වැලි සෑය අබියස පිංකමක්


(දයාරත්න ඇඹෝගම) 
 

රටේ සියලු දෙනා ධාර්මිකව කටයුතු කරන තාක් කල් මේ රට ජාතිය සතුරු උවදුරුවලින් විපත්වලින් බේරා ගැනීමට හැකිවනු ඇතැයි රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියෝ කීහ.
 
රුවන්වැලි මහා සෑය ඉදිරිපිටදී රටට ජාතියට සෙත් මහා සංඝරත්නය පන්සිය නමකගේ සහභාගිත් වයෙන්   පැවති පිරිත් දේශනයේදි අනුශාසනාව සිදු කරමින් ඒ හිමියෝ එසේ පැවසූහ.
 
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සිදුවිය.