රටේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව මෙයයි


(ඉෂාන් සංජීව)

බඩු මිල අඩු කරමින් වැටුප් වැඩි කරමින් රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමු එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප්‍රගතිය 2020 වන විට දැකගැනිමට හැකියාව ලැබෙන බව කී අග්‍රමාත්‍යවරයා 2025 වන විට ණය බර නැති සීඝ්‍රයෙන් දියුණුවන රටක් අනාගත පරපුරට උරුම කර දෙන බව ද පැවසීය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ‘ගමින් ගමට - දොරින් දොරට සැමට සෙවන විසිරි‘ නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍ය අධාර සහ චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවසයට අද (29) සහභාගි වෙමිනි.

එම උත්සවය අරලිය ගහ මන්දිරයේදි පැවැත්විණි.