රණවිරු උත්තම ප්‍රණාම දස වර්ෂ පූර්ණ සැමරුම


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 

එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී දිවිපිදු සහ ආබාධිත වූ රණවිරුවන්ට උපහාර දැක්වීමේි  ' රණවිරු උත්තම ප්‍රණාම’ දස වර්ෂ පුර්ණ සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා)  ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණ.
 
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහලකතානායක කරු ජයසූරියල විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු  මැති ඇමතිවරු, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ඇතුළු  ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක අංශ ප්‍රධානින් සහ ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජම්මික ලියනගේ මහතා ඇතුළු නිලධාරීහුල මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීහු ඇතුළු  විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
 

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)