රණවිරු බිරින්දෑවරුන්ගේ පා ගමන උණුසුම් වේ


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

යුද්දයේදී දිවිපීදූ ත්‍රිවිද හමුදා යැපෙන්නන්ගේ සංසදයේ පාගමන අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එම පාගමන සංවිධානය කළ ජමුරේවෙල චන්ද්‍රරත්න හිමියන් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

සිය සැමියන්ගේ විශ්‍රම වැටුප ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන යුද්දයේ දි දිවිපිතු රණවිරුවන්ගේ බිරින්දෑවරු  කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම්කර්යාලය දක්වා සාමකාමි පාගමනක යෙදුනාහ.

අනතුරුව උද්ඝොෂණයේ යෙදුණු  1000කට පිරිස පොලිසියට ගොස් අත්අඩංගුවට ගත් ජබුරේගොඩ හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා පොලිසිය වටකරගෙන සිටිති.

මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමියන් කියා සිටියේ මෙම පහරදීම උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට කළ දෙයක් බවයි.