රත්නපුරයත් උසස් පෙළ විශිෂ්ටයන් බිහි කරයි


2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංශ හිමියයෝ හිමිකර ගත්හ.

වාණිජ අංශයෙන් දිවයිනෙන්ම පළමු තැන හිමිව ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දුලානි රසන්තිකා ශිෂ්‍යාවයි.

රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේ මැදලගම කන්කානම්ලාගේ ලක්‍ෂිත චතුරංග මැදලගම ශිෂ්‍යයා මෙවර උසස් පෙළ ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන් ම පළමුවන ස්ථානය ලබා තිබේ.

(ඡායාරූප - තුෂාර හෙට්ටිආරච්චි/ ක්‍රිෂාන් ජීවක ජයරුක්/ අජිත් ලාල් ශාන්තඋදය)