රත්නාවලී බාලිකාවන්ගෙන් රෝගීන්ට සුප් දානයක්


 ( ගම්පහ තිලකරත්න දිසානායක.)
ගම්පහ රත්නාවලී බාලිකාවෝ අද ගම්පහ රෝහලේ නේවාසික හා බාහිර ප්‍රතිකාර ගැනීමට ආ සියලුම රෝගීනට සුප් දානයක් දුන්හ.
සෑම වර්ෂයකම ඇසල පොහෝය නිමිත්තෙන් පැවැත්වෙන මෙම සුප් දානය මෙවර පවත්වනුයේ 40වැනි වරටය. රත්නාවලී විදුහල්පතිනී හේමා ජයවර්ධන මහත්මිය සහ නියෝජ්‍ය විදුහල්පතිනී දිලානි බාලසුරිය මෙනෙවියගේ මග පෙන්වීම මත විද්‍යාලය ඒකකය භාර ආචාරිනී ශිරෝමලී පතිරණ මහත්මිය සහ  සෞඛ්‍යදාන ඒකකය සහ බෞද්ධ සංගමය මගින් මෙය සංවිධානය කළේය.
 රත්නාවලී බාලිකාවෝ රෝගීන් අසලට ගොස් මෙම දානය පිරිනැමූහ.