රන්දෝලි පෙරහර ගමන් අරඹයි


(ඡායාරූප - ළහිරු හර්ෂණ)

=======================================================================================

(ඡායාරූප - චමිල් රූපසිංහ)

(චමිල් රූපසිංහ)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර අද (03) පස්වරු 7.14 ට යෙදෙනු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ඇරඹීය.

අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන ලද්දේ මහනුවර දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා මතිනි.

පෙරහැර දළඳා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය ,කන්දෙ වීදිය (හීල් වීදිය) ,ඩී එස් සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.

හෙට (04) රාත්‍රී 1.20 ට දකුණු දිශාමුඛව ශ්‍රී ධන්ත ධාතු මන්දිරයෙහි පෙරහැර සිව් දේවාලයන්හි පෙරහැර සමඟ පෙරහැර දළදා වීදිය ( වෝඩ් වීදිය) , ඩී. එස්. සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) , ඔස්සේ ගෙඩිගේ විහාරයට ( ආදාහනා මඵවට ) ගොස් සිරිත් පරිදි දළඳා කරඬුව එහි තැන්පත් කොට සිව් මහා දේවාලයන්හි පෙරහැර ආපසු දේවාලයන් වලට පැමිණ දේව ප්‍රජා පැවැත්වීමෙන් පසු කටුකැළේ විදිය ඔස්සේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිතව ඇත.

පසුව ගණදෙවි කෝවිලට ගොස් දේව පුජාව සිදුකොට එදිනම උදෑසන 10.15 ට උතුරු දිශාමුඛව පෙරහර පිටත්ව කටුකැළේ වීදිය , දළඳා වීදිය , ඊ එල් සේනානායක වීදිය ( කොටුගොඩැල්ල වීදිය ) , කන්දෙ වීදිය ( හීල් වීදිය ) ,ඔස්සේ   ඩී.එස් සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) මංසන්දියට පැමිණ එදින සවස 2.37 ට උතුර දිශාමුඛව ( ආදාහනා මඵව ) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන පෙරහැර ඩී එස් සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) , පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට සවස 5.07 ට උතුරු දිශාව බලා ශ්‍රී දළාඳා මාළිගාවට ගෙවදීමට නියමිතය.

ඉන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර පෞරාණික  චාරිත්‍ර වලට ගරු කරමින් සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහ දේවාල බස්නායක නිලමේවරු පෙරහරින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වෙයි.

දවල් පෙරහර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ බස්නායක නිලමේවරු පෙරහර සංදේශය ජනපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කරයි.