(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අද (12) පැවසූහ.
සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්රමුඛ නියෝජිතයන් මහනුවර මල්වතු මහා විහාරයට ගොස් මහ නා හිමියන් බැහැ දුටු අවස්ථාවේදී මහා නාහිමියෝ මේ බව කීහ.
සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මහා නා හිමියන් හමුවේ අදහස් දක්වමින් " මේ අය කතරගම දේවාලයට බෝම්බ ගැහුවා යනුවෙන් පැවසීය.
මල්වතු මහා නා හිමි:-
මේ අය බෝම්බ ගැහුවා කියලා කොහොමද කියන්නේ.
මද්දුම බණ්ඩාර මහතා:-
එහෙම කියනවනේ හාමුදුරුවනේ.
මල්වතු මහා නා හිමි:-
නෑ නෑ කවුරුවත් කිව්වට අපි දන්නවනේ.තුවක්කු උදුර ගත්තා.මුලට හිටපු පොලිසියේ තුවක් උදුර ගත්තා.එල්.ටී.ටී ඊ කාරයෝ වගේ බෝම්බ ගැහුවේ නෑ.ඔය නිරංජන්නේ කියන්නේ යනුවෙන් ද මහා නාහිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයියන්ගේ හිත් රිදවනු එපා හාමුදුරුවනේ, බයි නෙතු කඳුලින් පුරවනු එපා ~~//
ඔබ වහන්සේට බුදු බව අත්වෙනවා වෛරය වපුරන මෝඩ විපක්ෂයට බිය නොවී සත්‍ය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලාට. මේක ලාංකික දේශපාලනයේ බොරුව වපුරන සියළුම දේශපාලුවන්ට එයිතිහාසික පාඩමක්
මහානාහිමියො පලමු වරටයි මෙහෙම කතා කලේ , හොරු රැල ගිහිල්ල නාහිමි බැහැ දැක්ක , කවුද කිරි ඇල්ල, මිනිහගෙ දෝනියන්දැ, කැරට් අල කවිරත්න, මද්දුම බංඩාර , මේ චිවරදාරි පවි කන්දක් වන ඤානසාරගෙ සිවුර ගැලෙව්ව කියල , හාමුදුරුවො කුලප්පු කරන්න . එතකොට තමයි උන් වහන්සෙ දුන්නෙ කෂ්ටියට බඩයන්න. උන්වහන්සෙ අහනව කිරිඇල්ල ඇතුලු සට්ටැබියන්ගෙන් , ඇයි ඔබල කිව්ව නේ මේ රජය ආවොත් බුදු දහම ඉවරයි, දලදා පෙරහැර නැ, හාමුද්රුවන්ට දානෙ නැ, එහෙම කිසිම දෙයක් වුනේ නැ නේද කියල , හොරු රැලට කට උත්තර නැතිවුනා , කිරිඇල්ලයට කට උත්තර නැ, ඉට පස්සෙ දලදාවට බොම්බ ගැහුව කිව්ව , උන් වහන්සෙ කිව්ව එහෙම සිදුවිමක් උනේ නැ කියල . ඔබ වහන්සේට ස්තුතියි මේ පට්ට හොරුන්ට කටවුත්තර නැතිවෙන්න කරුනු කියල දීම ගැන
අද පොහොට්ටුවේ වටේ ඉන්න මොලේ කචල් අය, එස්ජේබී මන්දො බුදු හාමුදුරුවෝ වැඩල බණ කිව්වත් ඇත්ත පිලිගන්න සූදානම් නැහැ. දැන් මේ හාමුදුරෝවෝ වැරදියි කියයි.
නිරංජන්ගෙ සීයල උඩරට වලව්කාරයො උන හැටිත් දන්නෝ දනිති.
කට්ටිය කටයි, අරකයි වහගෙන අහගෙන ඉන්නවා හරි මනරම් දසුනක්. කේලම් කියන අතපයන්ට නියම ලෙක්චර් එක.
හාමුදුරුවනේ මේ හොරු රැලට කියන්න, තමුන්ල අවුරුදු ගානක් අපේ රට පාලනය කලා නේ , ඒ පාලනය නරක නිසා නේ මේ අය පත් කරගත්තෙ, ඒ නිසා මේ අයට තම පාලනය කරගෙනයන්න දීල පැත්තකට වෙලා ඉන්න කියල
ඔබ වහන්සේ නිවැරදියි , මෙම කරුන මෙරට විනාශ කල පිරිසට කියපු එක ලොකු දෙයක් , මේ තමයි එකල පාලකයො සමාජ ගත කල බොරු බේගල්
ඔය කියන්නේ හාමුදුරුවනේ, කවුද කියන්නේ, අපි දන්නවනේ ඇත්ත හා, හා,හා! මැදගම බයියට මුරපොළ තමයි දලදා මාලිගාව.
බෝම්බ ගැහුවේ නෑ වුණාට වෙඩි තිබ්බා කියලා විස්තර තියනවා. 1989 පෙබරවාරි 8 ඕක වෙලා තියෙන්නේ. මල් වට්ටි අස්සේ පිස්තොල් සඟවාගෙන ජේවීපී සහ ඔවුන්ගේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන එකේ අය ගියා කියලා ඒ ගිය අධිකාරී හෙවත් කෝසල කියලා කෙනෙක් කියපු විස්තර තාමත් ඉන්ටර්නෙට් එකේ තියනවා. මාත් කියෙව්ව. සන්ඩේ ලීඩර් පත්‍රයෙන් ඔහුත් එක්ක කතා කරලා තියෙන්නේ. කීප දෙනෙක් මැරිලා තව අය තුවාල වෙලා තියනවා. හාමුදුරුවන් ඔය කතාව යට ගහන්න හදන්නේ ඇයි. ඒ කාලේ හිටපු මල්වතු හාමුදුරුවෝ හිටන් කිව්වා කියලා තියෙන්නේ. ඉතිහාසය මුළුමනින්ම වෙනස් කරන්න බෑනේ. ඒක කොයි කාටත් එකයි.
දැන් එතකොට අපිද ගැහුවේ? ලොකු කුට්ටියක් කළා වගේ මේ අය. ඉතිහාසයේ ඔක්කොම කියනවා JVP දළදා මාලිගාවට ගැහුවා කියලා. මේ සාදු විතරක් නෑ කියනවා. කඩේ යන තරම ඒකෙන්ම පේවා. සාදු සාදු සාදු!!!!
මේ JVP ස්වාමීන්වහන්සේ නමක්. ගණන් ගන්න එපා.
අනේ මෙහෙමත් දේශපාලනයක් කිරීම බලාපොරොත්තු වෙනවා නම්. හෝඩියේ පන්තියක ළමයි ටිකක් ඇවිල්ලා ගුරුතුමාට කේලම් හා පැමිණිලි ඉදිරිපත් කරන හැටි මතක් වෙනවා.
බොහොම පින් ඔබවහන්සේට මේ ඇත්තන්ගේ මෝහාන්ධකාරය දුරු කළාට.
සාරය නැති ජරා බලය.
වෙඩි තියල හරි බෝම්බ ගහල හරි 5 ක් මලා කියහංකො.
දළදා මාලිගාවට බෝම්බ ගැසුවේ නෑ. මුරපොලට ගහල ආයුධ පැහැරගත්ත. එහිදී කීපදෙනෙක් මියගියා. සමහරුන්ව අල්ලගෙන නඩු නැතුව ත්‍රස්තවාදී වගේම ආණ්ඩුවත් කියාකරල මරල දැම්මා. රනිල්, සජිත් පස්සෙ යන මොලේ අමාරුකාරයෝ තමයි කියන්නේ දළදා මාලිගාවට ගැහුව කියල.