රන්වැලි නිවාඩු නිකේතනයේ නත්තල් කේක් මිශ්‍රණය


(චන්දන ප්‍රනාන්දු)

දිවයිනේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් වන වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනයේ වාර්ෂික නත්තල් කේක් ගෙඩිය වෙනුවෙන් සාම්ප්‍රදායික මිශ්‍රණය සෑදීම අද(27) උදැසන විදේශිය සංචාරකයන්ගේ, විධායක නිපධාරින්ගේ හා කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.                                               
නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ප්‍රදීප් ජයවර්ධන, මානව සම්පත් කළමානාකරු කේ.එච්.වික්‍රමසිංහ, ප්‍රධාන සූපවේදි එරන්ද හේරත් යන මහත්වරුන්ගේ මග පෙන්විමෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.